පතම්පහ දුම්රිය හරස්මඟට ආරක්ෂිත ගේට්ටුවක් නෑ

පතම්පහ දුම්රිය හරස්මඟට ආරක්ෂිත ගේට්ටුවක් නෑ

වත්තේගම – මාතලේ දුම්රිය මාර්ගයේ පිහිටි පතම්පහ දුම්රිය ස්ථානයට හා පතම්පහ ගම්මානයට පිවිසීම සඳහා ඇති දුම්රිය හරස් මගෙහි ආරක්ෂිත දුම්රිය ගේට්ටුවක් නොමැතිකමින් එම මංසන්ධිය අනතුරුදායකය.

දිනපතාම මේ මාර්ගයේ විශාල පිරිසක් ගමන් කරන අතර, රථවාහන විශාල ප්‍රමාණයක් ද ගමන්ගනී. මේ අතර මේ ස්ථානය පසුකර දිනපතා දුම්රිය අටක්ද ධාවනය වේ.

එබැවින් හදිසි අනතුරක් සිදුවීමට පෙර මේ දුම්රිය හරස් මාර්ගයට අඩුතරමින් උණබම්බු ගේට්ටුවක් හෝ ලබාදෙන ලෙස ප්‍රදේශවාසීහු දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා