නල්ලමුදාව වැව වතුරදීම නවත්තලා: වගා බිම් පාළුවට ගිහින්!

නල්ලමුදාව වැව වතුරදීම නවත්තලා: වගා බිම් පාළුවට ගිහින්!

වැව පිළිසකර කිරීම කල් දමන්න යැයි ගොවීන්ගෙන් ඉල්ලීමක්

වැව්බැඳි රට නල්ලමුදාව වැව කලෙකින් පිරී ඇත. වැව් දියෙන් ගොවිතැන් කරන අක්කර 200 ක් වෙල්යාය දකුණු පස ඡායාරූපයෙන් දිස්වෙයි. වැව පිරී ඇතත් වෙල්යාය වගා නොකර පාළුවට හැර ඇත. නල්ලමුදාවේ ගොවි ජනතාවට මේ කුඹුරු වගා කීරීමට තිබූ අවස්ථාව මග හැරී යාමට හේතුව සෙවිය යුතුමය.

වාරි කටයුතු කෙරෙන එක් රාජ්‍ය අනුබද්ධිත අංශයක් නල්ලමුදාව වැවෙන් පෝෂණය වන වෙල්යායේ ඇළවේලි පද්ධතිය නවීකරණය කරන්නට රුපියල් පනස් දෙලක්ෂයක කොන්ත්‍රාත්තුවක් දී ඇති බැව් ගැමියෝ කියති.

මේ කොන්ත්‍රාත්තුවට අදාළ ඇළවේලි නවීකරණය කිරීමට අවශ්‍ය නිසා වැවෙන් දියවර නිකුත් කිරීම අත්හිටවු බවත් ඒ නිසා වැව පිරී තිබියදී වුවත් කුඹුරු ගොවිතැන නවත්වන්නට සිදුවූ බවත් ගැමියෝ පෙන්වා දෙති.

කොන්ත්‍රාත්තුවේ වැඩ පටන් ගැනීම අගෝස්තු මාසයට කල් දමනු ලැබුවහොත් ගොවීන්ට වැවේ වතුරෙන් මේ කුඹුරු යාය ගොවිතැන් කර ගැනීමට අවස්ථාව ලැබේ. වගකිවයුත්තන්ගේ අවධානය ඒ පිළිබඳව යොමු විය යුතුය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා