මෙක්සිකෝ බොක්කේ තෙල් කාන්දුව නැවැත්වීමේ තවත් පියවරක්

මෙක්සිකෝ බොක්කේ තෙල් කාන්දුව නැවැත්වීමේ තවත් පියවරක්

එක්සත් ජනපද ඉතිහාසයේ දරුණුම පාරිසරික ආපදාව ලෙස සැලකෙන මෙක්සිකෝ බොක්කේ විනාශකාරි තෙල් කාන්දුව අත්හිටුවීමට එමතෙල් ළිඳ කණින ලද බ්‍රිටිෂ්පෙට්‍රෝලියම් සමාගම මෙතෙක් දැරූ ප්‍රයත්නයන් අසාර්ථක වීමෙන් පසු එම සමාගමේ ඉන්ජිනේරුවන් දැන් තවත් අධි අවදානමකින් යුත් සැලැසුමක් ක්‍රියාත්මක කිරීමට සැරසෙයි.

මූදුපත්ලේ පිහිටි මෙම තෙල් ළිඳේ කාන්දුව අත්හිටුවීමට ‘ටොප්කිල්’ නමින් කොන්ක්‍රීට් තට්ටුවක් එළීමට දරන ලද ප්‍රයත්නය ද අසාර්ථක වීමෙන් පසු මීළඟ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට තවත් සතියක් වත් ගතවනු ඇතැයි ඉංජිනේරුවන් කියා ඇත.

තෙල් කාන්දුව අවම කිරීමට දැනට ක්‍රියාකර ගෙන යන බව පැවැසී ඇති අතර ‘ඩීප්වෝටර් හොරයිසන්’ නම් මෙම තෙල් ළිඳ සයුරුදියඹේ මීටර් 1600 ක් ගැඹුරේ පවතින්නක් බව ද සඳහන් ය.

මීළඟ සැලැස්ම ද අඩි 5000 ක ගැඹුරේ යාන්ත්‍රික රොබෝ යන්ත්‍ර ආධාරයෙන් සිදුකරනබවත් එය ඉතා ප්‍රවේසමින් සිදු කළ යුතුව ඇති කාර්යක් බවත් එහෙයින් ඊට කාලය වැයවන බවත් ඉංජිනේරුවන් පවසා ඇත.

සහන තෙල් ළිං දෙකක් කාන්දු ප්‍රදේශය අවටින් කැණීමෙන් ‘හොරයිසන්’ කාන්දුව අත්හිටුවිය හැකි බව පවසන බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගම ඒවා ඇරඹිය හැක්කේ අගෝස්තු මාසයේ දී බව කියා ඇත.

එහෙත් මේ අතර කාලයේ දී දිනපතා ගැලුම් සිය දහස් ගණනින් මූදු දියට එක්වනු ඇති අතර දැනටමත් උද්ගතව ඇති පාරිසරික හානිය ඉන් තවත් උත්සන්න වනු ඇතැයි සඳහන් ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා