බ්‍රිතාන්‍ය නව රජයේ මුදල් ඇමැති ඉල්ලා අස්වේ

බ්‍රිතාන්‍ය නව රජයේ මුදල් ඇමැති ඉල්ලා අස්වේ

බ්‍රිතාන්‍ය නව සභාග රජය පෙරේදා පළමුවරට පසුබෑමකට ලක්වූයේ මුදල් ඇමැති ඩේවිඩ් ලෝස් ඉල්ලා අස්වීම නිසාය.

44 හැවිරිදි ලෝස් ඔහුගේ වියපැහැදමක් ජනතා බදු මුදලින් අයකැර ගැන්ම අනාවරණය වීම නිසා ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ සමලිංගික සගයා වන ජේමස්ලුන්ඩයිට නිවාස කුලිය වශයෙන් ගෙවන ලද මුදල අයකැරගැනීම අනාවරණය කිරීමට අපොහොසත් වූයේ ඔවුන්තර පවත්නා සමලිංගික සබඳතා රහසක් වශයෙන් තබාගැනීමට අවශ්‍ය වූ නිසා බව ලෝස් කියා ඇත.

නව ලිබරල් ඩිමොක්‍රැටිකොන්සර්වැටිව් සභාග රජයේ මුදල් ඇමැති ලෙස කටයුතු කළ ඔහු, කෝටිපතියකු වන අතර හිටපු බැංකු නිලධාරියෙකි. බ්‍රිතාන්‍ය අයවැය හිඟය පියවනු වස් ක්‍රියාත්මක කිරීමට යන සැලසුම්වල එක් නිර්මාතෘවරයකු ලෙසද ඔහු ප්‍රසිද්ධ වී තිබේ.

එහෙත් පසුගියදා ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කළ පුවතකින් කියැවුණේ ලෝස් ඔහුගේ දිගුකාලීන සමලිංගික සගයාට ගෙවන ලද පවුම් 40,000ක පමණ නිවාස කුලිය රජයේ බදු මුදල්වලින් ගෙවා ඇති බවය.

2006 පටන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නීතියකට අනුව මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ සගයන්ගෙන් කුලී නිවාස ලබාගැනීම තහනම්ය.

එහෙත් ඔහු මෙම මූල්‍ය සැලසුම් පාර්ලිමේන්තුවට අනාවරණය නොකළේ සමලිංගිකත්වය රහසක් වශයෙන් තබා ගැනීම අවශ්‍ය නිසා බව ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත් ඉකුත් දින 18ක කාලයේදී ඔහු පිළිබිඹු කැර ඇති කාර්යසාධන දක්ෂතාවක හේතුකොටගෙන අගමැති ඩේවිඩ් කැමරොන් විසින් ඔහු යළි කැබිනට් මණ්ඩලයට කැඳවනු ලබනු ඇතැයි පැවසී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා