ජපන් අගමැති යුකියෝගේ ජනප්‍රියත්වය පහළට

ජපන් අගමැති යුකියෝගේ ජනප්‍රියත්වය පහළට

ඉකුත් අගෝස්තු මස විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයකින් බලයට පත්වීමෙන් පසු ජපන් අගමැති යුකියෝ හටෝයාමාට ප්‍රකාශව තිබුණු ජනසහාය දැන් ඉතා පහළම මට්ටමකට ළඟා වී ඇති බව සීමිත මත විමසුමකින් අනාවරණය වී තිබේ.

අෂායි ෂිම්බුන් පුවත්පත මගින් ඉකුත් සති අන්තයේ පැවැත්වූ මත විමසුමකදී ඔහුගේ කැබිනට් මණ්ඩලය කෙරේ පවත්නා ප්‍රසාදය 17% දක්වා පහළ වැටී ඇත. එය මීට දෙසතියකට පෙර පැවැති තත්ත්වය 4% කින් පහළ යාමක් ලෙසද ප්‍රකාශ වී තිබේ. මේ අනුව හටෝයාමා රජයට ඇති අප්‍රසාදය 70% ක් ලෙස දැක්වී ඇත. හටෝයාමා රජයට ඇති බලපෑම තවත් උත්සන්න කැරෙමින් පෙරේදා ඔහුගේ සහායට අයත් සුළුතර සමාජවාදී පක්ෂය රජයෙන් ඉවත් විය. ඔකිනාවා අමෙරිකානු යුද කඳවුරු ප්‍රශ්නය ඊට මුල් වී තිබේ.

මාසයක් තිස්සේ පැවැති අර්බුදකාරී වාතාවරණයකින් පසු ජපානය හා අමෙරිකාව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයකින් කියැවී ඇත්තේ අමෙරිකානු කඳවුර 2006 දී ඇති කරගත් එකඟතාවයට අනුව ජනාකීර්ණ නාගරික ප්‍රදේශයක සිට ඔකිනාවා වෙරළබඩ පෙදෙසට ගෙනඑන බවය.

සමාජවාදී පක්ෂය සභාගයෙන් ඉවත්ව ඇත්තේ ඉකුත් සිකුරාදා හටෝයාමා විසින් ඔහුගේ පාරිභෝගික කටයුතු ඇමැතිව සිටි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක මිසුහෝ ෆුකුෂිමා එම ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු ය. අමෙරිකා හමුදා කඳවුර ධකිනාවාහි තබා ගැන්ම සම්බන්ධයෙන් ජනමතය විමසීමේදී 57% ක් ඊට අකමැත්ත ප්‍රකාශ කැර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා