බෝම්බ පිපිරීමකින් ඇෆ්ගනිස්ථාන පොලිසියේ 7ක් මරු දකිති

බෝම්බ පිපිරීමකින් ඇෆ්ගනිස්ථාන පොලිසියේ 7ක් මරු දකිති

ඇෆ්ගනිස්ථානයේ බදක්ෂාන් ප්‍රදේශයේ දී පෙරේදා මාර්ගාසන්නයේ ඇටවූ බෝම්බයක් පුපුරායාමෙන් පොලිස්මුර සේවයේ යෙදුණු නිලධාරීන් 7 දෙනකු ඝාතනය වී තිබේ.

මෙය තලේබාන් ප්‍රහාරයක් ලෙස ප්‍රකාශ වී ඇත.

මේ අතර නේටෝ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් ඝාතනය වී හා තුවාල වී ඇති බවට ගැමියන්ගෙන් නැගුණු චෝදනා පරීක්ෂාකර බලන බව පොලිස් කොමාන්ඩෝ නිලධාරියකු ප්‍රකාශ කැර තිබේ. හමුදා නිලධාරීන් පවසා ඇත්තේ උතුරු බග්ලාන් කඳුකරයේ තලේබාන් කඳවුරු ප්‍රදේශයකට ගුවන් සහාය මැද නේටෝ හා ඇෆ්ගන් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් තලේබාන් සටන්කාමින් 12 දෙනකු ඇතුළු ඔවුන්ගේ අණදෙන නිලධාරියා ජීවිතක්ෂයට පත් වූ බවය.

තවත් අවස්ථාවක දී තලේබානුවන් සමග සටන් කළ විදේශ හමුදා භටයකු මියගොස් ඇති අතර ඒ අනුව මේ වසරේ දී විදේශ සෙබළුන් 222 නෙකු ඇෆ්ගනිස්ථානයේ දී මියගොස් තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා