වැඩි ඡන්ද ලබන දෙදෙනා අතර අවසන් වටයේ තරගය ජුනි 20දා

කොළොම්බියා ජනාධිපතිවරණය

වැඩි ඡන්ද ලබන දෙදෙනා අතර අවසන් වටයේ තරගය ජුනි 20දා

කොළොම්බියා ජනාධිපතිවරණය පෙරේදා පවත්වනලද මුත් එහිදී කිසිම අපේක්ෂකයකුට ජනාධිපතිවරම සඳහා සුදුසුකම් ලබන 50% ක ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමට නොහැකිවීම ය. වැඩිම ඡන්ද ප්‍රතිශතයට හිමිකම් කියන දෙදෙනා අතර අවසන් වටයේ තරගයක් ජුනි 20 දා පැවැත්වීමට නියමිතව තිබේ.

කොලොම්බියානු ජනාධිපතිවරණයේ අවසන් දෙවැනි වටයට මුහුණ දෙන පාලක ජාතික සමගි පක්ෂයේ අපේක්ෂක ජුවාන් මැනුවෙල් සැන්ටෝස් (වමේ) හා හරිත පක්ෂයේ අන්තනාස් මෝකුස්ය මේ. ඒ. එෆ්. පී.

ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 99.1% ක් ගණන් කිරීමෙන් පසු මැතිවරණ බලධාරින් විසින් මේ බව ප්‍රකාශ කැර තිබේ.

සිවු අවුරුදු ජනාධිපතිධූරය දෙවරක් ඉසිලූ ජනාධිපති අල්වාරෝ යුරිබි සිය අනුප්‍රාප්තිකයා ලෙස ඉදිරිපත් කළ ඔහුගේ ආරක්ෂක ඇමැති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් 46.6% ඡන්ද ප්‍රමාණයක් ලබමින් පෙරමුණේ සිටින අතර ඔහු ඔහුගේ සමීපතම ප්‍රතිවාදියා වන බොගෝටා නගරාධිපති අන්තනාස් මෝකුස්ට වඩා 21.5% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති බව සඳහන් ය.

මෙම ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 9 දෙනකු ඉදිරිපත් කෙරුණි. මැතිවරණයේදී මිලියන 29.9 ක ජනතාවකට ඡන්ද වරම හිමිව තිබිණ.

මෙම මැතිවරණයේදී ඡන්දය දීමෙන් වළකින ලෙසට එරට ෆාක් ගරිල්ලන් ජනතාවට තර්ජනය කැර තිබුණද වසර 40කින් මෙපිට පැවති සාමකාමීම මැතිවරණය මෙම ජනාධිපතිවරණය බව ප්‍රකාශ වී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා