ආකල්ප වර්ධනය කිරීමේ ජාතික වැඩ සටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

ආකල්ප වර්ධනය කිරීමේ ජාතික වැඩ සටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ජනසමාජය තුළ ආකල්ප වර්ධනය කිරීමේ ජාතික වැඩ සටහන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, අගමැති දි. මු. ජයරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (21) ඇරඹේ.

ජාතිකාභිමානී හැඟීම් ගොඩනැගීම සඳහා පරිසරය සමඟ සහජීවනයෙන් කටයුතු කරන සංවේදී සමාජයක් හා ස්වයං විනයක් ඇති කිරීම මෙහි අරමුණ වී තිබේ.

දිගු හා කෙටි කාලීන වශයෙන් අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වැඩ සටහන සඳහා අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන 12ක් සෘජු ලෙස දායකත්වය ලබාදෙනු ඇත. තුන් අවුරුදු වැඩ සටහනක් ලෙස මෙය ක්‍රියාවට නගන අතර ඒ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා