‘ලන්ඩන් ඡායාරූප දැක්ම කොටි හිතවාදී වැඩක්’

‘ලන්ඩන් ඡායාරූප දැක්ම කොටි හිතවාදී වැඩක්’

ගෝලීය දෙමළ සංසදය ලන්ඩන් නුවරදී සංවිධාන කළ ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වෙනස් කිරීම සඳහා ගත් කොටි හිතවාදීන්ගේ උත්සාහයක් බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සමුළුව අමතමින්

පසුගිය යුද සමයේ දෙමළ වැසියන් විවිධ වධ හිංසාවන්ට ලක් වූ ආකාරය පෙන්නුම් කරමින් මෙම ඡායාරූප නිකුත් කර ඇති අතර එය විදේශ ඇමැතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයට සමගාමීව ප්‍රදර්ශනය කර ඇතැයි වාර්තා වෙයි.

ගෝලීය දෙමළ සංසදය ප්‍රකාශ කර ඇත්තේ අදාළ ඡායාරූප එල්. ටී. ටී. ඊ. සංවිධානයේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලබා ගත් බවයි. කෙසේ වුව ද මීට පෙර ද නිරවද්‍යතාව තහවුරු නොකළ ඡායාරූප එල්. ටී. ටී. ඊ. හිතවාදීන් විසින් ප්‍රසිද්ධ කළ බවද මහාචාර්ය පීරිස් ප්‍රකාශ කර ඇත.

ලන්ඩන් හි උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර විද්‍යායතනයේ පෙරේදා (19) පැවැති සමුළුවක් අමතමින් විදේශ ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා