‘මෝචි’ කෑ ටෝකියෝවේ 6ක් මරුට

‘මෝචි’ කෑ ටෝකියෝවේ 6ක් මරුට

ජපානයේ ටෝකියෝ හිදී නව අවුරුදු උදාව සැමරීමට සම්ප්‍රදායික ඇලෙන සුළු “මෝචි” නම් කිරිබතක් කෑ පුද්ගලයන්ගෙන් හය දෙනෙකු හුස්ම හිර වී මියගොස් ඇත. තවත් පස් දෙනකු බරපතළ තත්ත්වයේ පසුවන බව ප්‍රකාශ වී තිබේ. මේ අලුත් අවුරුදු රස ආහාරය ගෙන විපතට පත් මේ අය 70 වැනි වියේ හෝ ඊට වැඩි වයස්ගත වූවන් බව ද සඳහනි.

නව අවුරුදු සමයේ දී ජපන් ජනතාව සම්ප්‍රදායික “ඔසෝනි” එළවළු සූපය සමඟ මේ අලෙන සුළු කිරිබත කෑම සිරිතකි. මේ සිද්ධියෙන් පසු ජනතාවට අවවාද කරන ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් මඟින් ප්‍රකාශ කර ඇත්තේ අලෙන සුළු ‘මෝචි’ ආහාරයට ගැනීමේ දී හුස්ම හිර විය හැකි බැවින් මැනවින් හැපීමෙන් පසු පමණක් එය ගිලිය යුතු බව ය. විශේෂයෙන්ම වයස්ගත වුවන් හා ළදරුවන් ‘මෝචි’ භාවිතයේ දී කුඩා කැබලි ලෙස ආහාරයට ගත යුතු බව ද ඔවුන් පවසා ඇත.

හැම අවුරුද්දකම පාහේ වයස්ගත වූවන් හා ළදරුවන් කීප දෙනෙකු මේ කිරිබත කෑමේදී හිර වී මියෙන බව ප්‍රකාශිත ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා