අයිවරි කෝස්ට් දේශපාලන අර්බුදය විසඳීමට අපි‍්‍රකා බලවත්තු රාජ්‍යතාන්ත්‍රික ප්‍ර‍්‍රයත්නයක

අයිවරි කෝස්ට් දේශපාලන අර්බුදය විසඳීමට අපි‍්‍රකා බලවත්තු රාජ්‍යතාන්ත්‍රික ප්‍ර‍්‍රයත්නයක

අයිවරි කෝස්ට් හි දරුණු දේශපාලන අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමට අපි‍්‍රකානු බලවතුන් නව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයක නියැළි සිටී. මේ අනුව හමුදා මැදිහත්වීමක් වැළැක්වීමට නායක ලොරෙන්ට් බැග්බෝට ජනාධිපති ධූරයෙන් ඉවත්වන ලෙස කෙරෙන බලපෑම් උත්සන්න කෙරී තිබේ.

බැග්බෝ හා ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය හිමිකරගත් බව ජාත්‍යන්තරව පිළිගැනී ඇති “අලස්සාති කුවට්ටරා” අතර පවත්නා මතභේදය විමසීමට මැදිහත්කරු ලෙස අපි‍්‍රකානු සංගමයෙන් නම් කර ඇති කෙන්යානු අගමැති රයිලා ඔඩින්ගා පෙරේදා නයිජීරියාව බලා ගොස් තිබුණේ කොස්රිකා අගනුවරට යනු පිණිසය.

මීට කලින් ඔඩින්ගා කියාතිබුණේ බැග්බෝ බලහත්කාරයෙන්ම ඉවත් කළ යුතු බවය. ඔහු පෙරේදා නයිජීරියානු ජනාධිපති ගුඩ්ලක් ජොනතන් සමඟ ගතකළ අතර ඊයේ අයිවරි කෝස්ට් වෙත ළඟාවන බව කියා ඇත.

පූර්ව නිගමනයන්ට එළඹීමට නොහැකි අතර, බැග්බෝ හා අලස්සානි හමුවී පළමුව සාකච්ඡා කොට ඊයේ සවසම ඔහු යළි නයිජීරියාවට යන බව කියා තිබිණි.

සියල්ල තීරණය වන්නේ බැග්බෝ ක්‍රියාකරන ආකාරය අනුව යැයි ද ඔහු කියා ඇත.

ඔඩින්ගාට පූර්වයෙන් අපි‍්‍රකානු සංගමයේ තවත් සාමාජික ජනාධිපතිවරුන් තිදෙනකු බැග්බෝට කළ බලපෑම් අසාර්ථක වී තිබිණ.

කෙසේවෙතත් සියලු ප්‍රයත්නයන් අසාර්ථක වන තැන සිදුකළ යුත්තේ කුමක්දැයි අපි‍්‍රකානු සංගමය එක්ව තීරණය කරනු ඇතැයි නයිජීරියා ජනාධිපති හා සංගම් නායක, ගුඩ්ලක් ජොනතන් කියා තිබේ.

බටහිර අපි‍්‍රකානු හමුදා නායකයන් ඉකුත් සතියේ අබුජාහිදී රැස්ව බැග්බෝ ඉවත් නොවුණොත් ගතයුතු ක්‍රියාමාර්ගය සැලසුම් කැර ඇති අතර, යළි ජනවාරි 17 හා 18 දෙදින මාලි හිදී රැස්වී අවසන් සැලැස්මක් තහවුරු කරනු ඇතැයි පැවසී තිබේ.

මේ අතර බැග්බෝගේ “ස්ට්‍රිට් ජෙනරාල්” ලෙස හැඳින්වෙන තරුණ කටයුතු ඇමැති චාර්ල්ස් බ්ලේ ගවුඩි නව අවුරුදු උදාවෙන් පසු අලස්සානි රැඳවී සිටින හෝටලය අල්ලා ගැනීමට සැලසුම් කර තිබුණ ද එය කල්දමන ලද බවත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියට පළමුව ඉඩදෙන බවත් පවසා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා