ඕස්ට්‍රේලියාවේ සිනමා ශාලාවක වහලක් කඩා වැටේ

ඕස්ට්‍රේලියාවේ සිනමා ශාලාවක වහලක් කඩා වැටේ

පුද්ගලයන් 16ක් සිරවෙලා

ධාරානිපාත වර්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ සිනමා ශාලාවක වහලේ කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයන් 16 දෙනෙකු පමණ එහි හිර වී ඇතැයි සැලැකේ.

සිඩ්නි නගරයෙන් කි. මී. 175ක් දුර බාතර්ස්ට් හි ඇති වූ මේ සිද්ධියෙන් පසු හදිසි සේවා අංශය වහා එහි පැමිණි බව ද පොලිසිය ප්‍රකාශ කර තිබේ.

කිසිවකු සිනමාශාලාව තුළ සිටින්නේ ද යන්න කිව නොහැකි බව පොලිසිය කියා ඇතත් ඔස්ට්‍රේලියානු ගුවන් විදුලි සේවය ප්‍රකාශ කෙළේ වහල කඩා වැටුණු මෙට්රෝ සිනමාහලේ 16 දෙනකු හිර වී ඇතැයි විශ්වාස කරන බව ය. කුණාටු සහිත වර්ෂාව වහලේ කොටසක් කඩා වැටීමට හේතු වී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා