ප්‍රබල භූමි කම්පාවකින් චිලිය හෙල්ලුම් කයි

ප්‍රබල භූමි කම්පාවකින් චිලිය හෙල්ලුම් කයි

චිලියේ වෙරළබඩ පෙදෙස පෙරේදා ප්‍රබල භූ®මිකම්පාවකින් හෙල්ලුම් කෑවේ ය. එමඟින් විදුලිබල හා සන්නිවේදන ක්‍රියාවලියට බාධා පැමිණ ඇතිමුත් හානියට පත්වීම් කිසිවක් වාර්තා වී නැත. මෙහිදී සුනාමි අනතුරු ඇඟවීමක් හේතුකොටගෙන ජනතාව උස්බිම් කරා පලාගොස් තිබිණ.

රිච්ටර් මාපකයේ 7.1 ක ප්‍රබලත්වයක් පෙන්නුම් කළ භූමිකම්පාව කි.මී.10ක් ගැඹුරේ හටගෙන ඇත. චිලී ජාතික හදිසි සේවා කාර්යාංශය පවසන්නේ එය මධ්‍ය - තීව්‍රතාවකින් යුක්ත වූවක් බවය. චිලියේ මධ්‍ය - දකුණු ප්‍රදේශයට එය බලපා තිබේ. 2010 පෙබරවාරියේ 8.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවකින් හටගත් සුනාමියෙන් මේ කලාපය විනාශ වී ඇත. කෙසේ වෙතත් අදාළ භූමිකම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි සිදුව නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා