ඊශ්‍රායල-පලස්තීන විවාහකයන්ට යුදෙව් රාජ්‍යයට ඇතුළු වීමේ තහනම දීර්ඝ කෙරේ

ඊශ්‍රායල-පලස්තීන විවාහකයන්ට යුදෙව් රාජ්‍යයට ඇතුළු වීමේ තහනම දීර්ඝ කෙරේ

ඊශ්‍රායලිකයන් සමඟ විවාහවන පලස්තීනුවන්ට තවත් හය මසක් යනතුරු යුදෙව් රාජ්‍යයට ඇතුළු විය නොහැකි වන පරිදි පනවා තිබුණු තහනම දීර්ඝ කිරීමට ඊශ්‍රායල බලධාරීහු පෙරේදා පියවර ගත්හ.

දෙසැම්බර් 31 දා, ඒ සම්බන්ධයෙන් පැනවුණු තහනම අවසන් වීමට නියමිතව තිබිණි. එහෙත් එය දීර්ඝ කිරීමට ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමැති කමිටුව තීරණය කර තිබේ.

මේ අනුව ලබන ජූනි 30දා දක්වාම ඊශ්‍රායලිකයන් සමඟ විවාහ වන පලස්තීනුවන්ට ඊශ්‍රායල් පුරවැසිකම හෝ නේවාසික අයිතිය නොලැබෙනු ඇත.

ඒකාබද්ධ පවුල් සම්බන්ධ විධිවිධාන ලෙස හැඳින්වෙන නීතිය ඊශ්‍රායලයේ වාමාංශික කොටස්වල හඬ නැඟීමේ ප්‍රතිඵලයකි. ඔවුන්ගෙන් බහුතරය අරාබි සුළුතරයයි.

මේ තහනම අමානුෂික හා වර්ගවාදී ක්‍රියාවක් බව ඔවුන් පෙන්වා දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා