කොචී පිලේ නායකයා මහේල

කොචී පිලේ නායකයා මහේල

ඵළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගමාලාවේදී නව කණ්ඩායමක් වන කොචි කණ්ඩායම මෙහෙයවීමේ කාර්යය මහේල ජයවර්ධනට පවරා ඇත. කොචි පිලේ නායකත්වය භාර ගැනීමට මහේල ජයවර්ධන එකඟ වූ බව වාර්තාවක් උපුටා දක්වමින් ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේය.

පසුගිය ජනවාරියේ පැවැති අයි. පී. එල්. ක්‍රීඩකයන්ගේ වෙන්දේසියේදී කොචි පිල විසින් මහේල ජයවර්ධන මිල දී ගනු ලැබුවේ වාර්තාගත අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක මුදලකට ය. මහේල සමඟ මුත්තයියා මුරලිදරන් සහ තිසර පෙරේරා ද මෙවර අයි. පී. එල්. තරගමාලාවේදී කොචී පිල නියෝ්ජනය කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා