රිකෝට එරෙහිව පරීක්‍ෂණයක්

රිකෝට එරෙහිව පරීක්‍ෂණයක්

ඉතාලියානු පාපැදි සූර රිකාචෝ රිකෝ සම්බන්ධව පරීක්‍ෂණ කටයුතු ආරම්භ කිරීමට ඉතාලියානු ඔලිම්පික් කමිටුව තීරණය කළේය. පුහුණුවීම් අතරතුර අසනීප වීමේ හේතුවෙන් ඔහු මේ වනවිට රෝහල්ගත වී සිටියි.

රිකාචෝ ස්වයං රුධිර පාරවිලයනයක් සිදුකර ගැන්මේ හේතුවෙන් මෙවැනි අසනීප තත්ත්වයක් උද්ගත වුවා දැයි පරීක්‍ෂණ කටයුතු මෙහෙයවන නිළධාරීහු සැක පහළ කරති. ඔහු ඇතුළත්ව සිටින රෝහලේ වෛද්‍යවරයකු විසින්, රිකාඩෝ එවැනි රුධිර පාරවිලයනයක් සිදුකර ගත් බව තමාට පැවසුවා යැයි කරනු ලැබූ ප්‍රකාශයක් හේතුවෙන් මෙ පරීක්‍ෂණය අරඹා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා