ලන්කන් - මේරියන්ස් පළමු ඉනිමේ ජය ලබති

ලන්කන් - මේරියන්ස් පළමු ඉනිමේ ජය ලබති

අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරගමාලාවේ පළමු වටයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ලන්කන් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් සමත් වූහ. ලන්කන් ක්‍රීඩා සමාජය කටුනායක වෙළෙඳ කලාපීය ක්‍රීඩාංගණයේදී බදුරළිය කණ්ඩායම සමග තරග වැදුනු අතර හලාවත මේරියන්ස් සහ එන්. සී. සී. පිල අතර තරගය එන්. සී. සී. පිටියේදී පැවැත්විණි.

මේරියන්ස් - එන්. සී. සී.

එන්. සී. සී. පළමු ඉනිම - 159 (ඕවර 49.5) කෝසල කුලසේකර 45, ඇන්ජෙලෝ මැතිව්ස් 38 (ෂාමින්ද එරංග 32/3, මලින්ද පුෂ්පකුමාර 45/3) සහ දෙවැනි ඉනිම - 120/3 (ඕවර 26) දිනේෂ් චන්දිමාල් නොදැවී 53 (දිනුක හෙට්ටිආරච්චි 38/3)

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - 345 (ඕවර 103) හර්ෂ කුරේ නොදැවී 88, මිලින්ද සිරිවර්ධන 46, අමල් ඇතුලත්මුදලි 44 (අකලංක ගනේගම 74/4, කෝසල කුලසේකර 63/2)

බදුරළිය - ලන්කන්

ලන්කන් පළමු ඉනිම - 251 (ඕවර 96.2) අශේන් සිල්වා 64, රජීව වීරසිංහ 39, (රනේෂ් පෙරේරා 15/2 ගයාන් සිරිසෝම 56/2 ඔමේෂ් විජේසිරිවර්ධන 61/2) සහ දෙවැනි ඉනිම 215/7 - ඉනිම අත්හිටුවන ලදී (ඕවර 67.5) අශේන් සිල්වා නොදැවී 100, හසන්ත ප්‍රනාන්දු 35 (තරීදු අත්තානයක 28/2, තිලකරත්න සම්පත් 62/2)

බදුරළිය - පළමු ඉනිම - 111 (ඕවර 32.2) චානක විතානගේ 35, තරිඳු අත්තනායක 34 (රොෂාන් ලක්සිරි 15/5, රජීව වීරසිංහ 15/5) සහ දෙවැනි ඉනිම - 142/6 (ඕවර 37) තිලකරත්න සම්පත්51, දමිත් ඉන්දික නොදැවී 37 (රජීව වීරසිංහ 25/3, ලහිරු ගමගේ 24/2)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා