ප්‍රධාන රටවලට වාසිදායක ලෙස ලෝක කුසලාන තරග නිර්මාණය වෙයි

ප්‍රධාන රටවලට වාසිදායක ලෙස ලෝක කුසලාන තරග නිර්මාණය වෙයි

ඉන්දියාව සහ සෙසු ප්‍රධාන රටවල්වලට වැඩි වාසිදායක වන අයුරින් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේ මුහුණුවර නිර්මාණය කොට ඇති බව තරගාවලි අධ්‍යක්ෂ රත්නකාර් ෂෙට්ටි ප්‍රකාශ කෙළේ ය. කොදෙව් දූපත් හී පැවැති පසුගිය ලෝක කුසලාන තරගමාලාවේ දී ඉන්දියාව සහ පකිස්තානය වේලාසනින්ම තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන් තරගාවලියේ අවසාන භාගයේ ඇල් මැරුණු ස්වරූපයක් දිස් වූ බවත් මෙවර තරගාවලියේ දී එවැන්නක් සිදු නොවීම සඳහා මෙවැනි තීරණයක් ගත් බවත් ෂෙට්ටි පැවැසීය.

ඇත්ත වශයෙන්ම අප සැවොම දන්නවා ඉන්දියාව යනු ක්‍රිකට් ක්‍රීඩාවේ මූල්‍යමය බලාගාරය බව. පසුගිය තරගමාලාවේ දී ඉන්දියාව හා පකිස්තානය වේලාසනින් තාගරවලියෙන් ඉවත් වීමේ හේතුවෙන් අනුග්‍රාහකයන්, ගුවන් විදුලි හා රූපවාහිනි විකාශන සමාගම් තරග සංචාරක මෙහෙයුම් පරිපාලකයන් හා කොදෙව් ක්‍රිකට් පාලන මණ්ඩලය අතිවිශාල මුදල් ප්‍රමාණයක් අහිමිකර ගනු ලැබුවා. ඒ නිසා මෙවර තරගමාලාවේ දී ඉන්දියාව ප්‍රමුඛ ප්‍රධාන රටවල්වලට වාසිදායක ලෙස මුහුණුවර නිර්මාණය කළා. ෂෙට්ටි වැඩිදුරටත් සඳහන් කෙළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා