වග බස් නැවතුම වෙන තැනකට

වග බස් නැවතුම වෙන තැනකට

පාදුක්ක මීපේ හන්දියේ වග බස් නැවතුම්පළ වෙනත් ස්ථානයකට ගෙනයෑම නිසා ජනතාවට අපහසුතා රැසක් මතුව තිබේ. පාදුක්ක සිට වග දක්වා ගමන් ගන්නා බස් රථ මීට පෙර නවතනු ලැබුවේ කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා සහ පාදුක්ක සිට කොළඹ දක්වා ගමන් ගන්නා බස් රථ නැවතුම්පොළෙහිය.

මෑතක සිට පාදුක්ක සිට වග දක්වා ගමන් ගන්නා බස් රථ නැවතීමට එම ස්ථානයේ ඉඩ නොදී වෙනත් ස්ථානයක් ලබා දී තිබේ. මේ නිසා වෙනත් ප්‍රදේශ වලින් මීපේ හන්දියට පැමිණෙන පාසල් සිසුන්ට හා ජනතාවට අපහසුතාවන්ට ලක්වන්නට සිදුව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා