පයාගල හල්කඳවිල මහ විදුහලට අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක්

පයාගල හල්කඳවිල මහ විදුහලට අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක්

බේරුවල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පයාගල හල්කඳවිල මහ විදුහල සඳහා අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකැරේ.ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්වීමට හැකිවන පරිදි ඉදිකරන මෙම ක්‍රීඩාංගණය සඳහා රුපියල් කෝටි පනහක පමණ මුදලක් වැය වෙතැයි අපේක්‍ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය විදේශීය මූල්‍ය දායකත්වයක් මගින් සිදු කිරීමට කටයුතු සැළසුම් කොට ඇති අතර අත් පන්දු හා දැල් පන්දු ක්‍රීඩා සඳහා පහසුකම් ද තිබේ.

ප්‍රේක්‍ෂකාගාර, ක්‍රීඩාගාර, විවේකාගාර ඇතුළු සියලු පහසුකම් සහිතව ඉක්මනින් මෙම ක්‍රීඩා පිටිය ඉදිකිරීම අරඹන බව බේරුවල ප්‍රධාන සංවිධායක ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි. විදුහල සඳහා අත් පත් කර ගන්නා ලද අක්කර පහක භූමි ප්‍රමාණය තුළ මීටර 400 ධාවන පථයක් ද සහිතව මෙය ඉදිවේ. බේරුවල ආසනය තුළ ක්‍රීඩා පිටි 15 ක් විවිධ ක්‍රීඩාවන්ට උචිත පරිදි සකස් කෙරෙන අතර මෙම ක්‍රීඩා පිටිය ක්‍රිකට් තරග සඳහා ප්‍රමුඛතාවය ලබා තිබේ. ක්‍රීඩා පිටිය ඉදිකිරීම පිළිබඳ මූලික සැළසුම් බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සකසනු ඇත.
 

 ඇමතිවරයා බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන් සමඟ.

 ඉදිකිරීමට යෝජිත ක්‍රිඩාපිටිය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා