කටානේ ගොවීන්ට තෙල් ඉසින යන්ත්‍ර

කටානේ ගොවීන්ට තෙල් ඉසින යන්ත්‍ර

වසර ගණනාවක් පුරන්ව තිබූ කුඹුරු සැමගේ සහයෝගය ඇතිව ඇස්වැද්දීමට කටයුතු කරන්නේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ රටේ ආර්ථිකය නැංවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවැසුවා ය.ඒ මහත්මිය එසේ පැවසුවේ කටාන ආසනයේ ගොවියන්ට තෙල් ඉසින යන්ත්‍ර ලබාදීමේ උත්සවයේ දීය. මෙහිදී යන්ත්‍ර 24ක් සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ තුනක් පමණ වේ.

ඒ මහත්මිය මෙසේද කීය.කටාන ආසනයේ අද පුරන් කුඹුරු සංවර්ධනය කරලා පමණක් නෙමේ කෘෂි කර්මාන්තය අලුත් පෙරලියක් ඇතිවෙලා. මේ සඳහා ගොවි ජනතාව අතර විශේෂ උනන්දුවක් තියෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ගම්පහ දිස්ත්‍රික් නායක ආර්ථික කටයුතු පිළිබඳ ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේත් අනුග්‍රහය යටතේ කෘෂි කර්මාන්තය විශේෂයෙන්ම වී වගාව දියුණු කිරීමට අත්‍යවශ්‍යතා ඉටුකර දී තියෙනවා. ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමැතිතුමා දිවංගත වීමට පෙර එතුමාට විශාල ආශාවක් තිබුණා පුරන්ව තිබූ කුඹුරු වැපිරීමට කටයුතු කිරීමට. ඇළවේළි සකස් කිරීමට.

මියගිය ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ගොවීන් සමඟ සම්බන්ධවෙලා ගෙන ගිය ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට අද අපිට හැකියාව ලැබීම ගැන සතුටුවෙනවා ආහාර සුරක්ෂිත භාවය දියුණු කිරීමට ගෙවතු වගාව දශ ලක්‍ෂයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා කටාන ආසනයේ ද කටයුතු කරගෙන යනවා. ඒ සඳහා ගොවි ජනතාවගේ සහය ඉතාම අවශ්‍යයි. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලිත් වනිගරත්න මහතා ද මෙහිදී කථා කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා