රන් මාලය කොල්ලකා යද්දී සැකකරු අත්අඩංගුවේ

රන් මාලය කොල්ලකා යද්දී සැකකරු අත්අඩංගුවේ

අලව්ව දුම්රිය ස්ථානයේ දුම්රිය එන තෙක්බලා සිටි කාන්තාවකගේ ගෙල බැඳි රු. 40000 ක් පමණ වටිනා රන් මාලයක් කොල්ලකා මහඔය හරහා පලා යමින් සිටි පුද්ගලයෙක් තුල්හිරිය ප්‍රදේශයේදී පසුගියදා ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන අලව්ව පොලිසිය වෙත බාරදී ඇතැයි පොලිසිය පවසයි.

වැඩිදුර පරීක්ෂණ අලව්ව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දසනායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරගෙන යයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා