මාතර පාසල් මලල ක්‍රීඩා 29 දා සිට

මාතර පාසල් මලල ක්‍රීඩා 29 දා සිට

මාතර අධ්‍යාපන කලාපයේ පාඨශාලාන්තර ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග මෙම මස 29, 30, 31 යන දිනයන්හි මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මාතර කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම මලල ක්‍රීඩා තරගාවලියේ කණ්ඩායම් තරග පහත සඳහන් දිනයන්හි පැවැත්වීමට නියමිතය.

19 පහළ බාලක මාර්තු 8 සහ 9 හා 20 න් පහළ බාලිකා එල්ලේ තරග සනත් ජයසූරිය ක්‍රීඩාංගණය, 19 න් පහළ බාලක හා බාලිකා ක්‍රිකට් තරග මාර්තු 10, 11 මාතර රාහුල විද්‍යාලය හා මාතර මධ්‍ය විද්‍යාලය.  17 න් පහළ හා 19 න් පහළ දැල් පන්දු තරග සුජාතා බාලිකා විද්‍යාලය,  17 න් පහළ හා 19 න් පහළ බාලක පාපන්දු තරග, උයන්වත්ත ක්‍රීඩාංගණය,  15 න් පහළ, 17 න් පහළ හා 19 න් පහළ අත් පන්දු තරග කඹුරුගමුව මහා විද්‍යාලය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා