කැලණි ක්‍රිකට් ගැටුම අද ඇරැඹේ

කැලණි ක්‍රිකට් ගැටුම අද ඇරැඹේ

කැලණිය ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමත්, කැලණිය ගුරුකුල විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමත් අතර කැලණි මහා ක්‍රිකට් තරගය 23 වැනි වරටත් 09 සහ 10 දෙදින පුරා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ’කැලණි සටන’ නමින් විරුදාවලිය ලත් ගම්පහ දිස්ත්‍රික්කයේ එකම මහා ක්‍රිකට් තරගයද මෙය වේ.

ශ්‍රී ධර්මාලෝක කණ්ඩායම තිලංක සුබෝධ මෙහෙයවන අතර උප නායක වශයෙන් චතුර ලක්මිණි ක්‍රීඩා කරයි. ගුරුකුල කණ්ඩායමේ නායකත්වය දරන්නේ ගයාන් බුද්ධික ය. උප නායක වශයෙන් මධුෂාන් චතුරංග ක්‍රීඩා කරයි. දෙපිල අතර එක් දින තරගය 20 වැනි වරටත් මෙම ක්‍රීඩාංගණයේදීම 14 වැනි දින පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා