කතරගම පුදබිමට පැමිණෙන ඉන්දියානු බැතිමතුන් සංඛ්‍යාව ඉහළට

කතරගම පුදබිමට පැමිණෙන ඉන්දියානු බැතිමතුන් සංඛ්‍යාව ඉහළට

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී කටයුතු වලින් තොර සාමකාමී රටක් බවට පත්වීම නිසා ඉන්දියාවේ සිට කතරගම දෙවියන්ට පුද පුජා පැවැත්වීම සඳහා පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී. දිනපතාම කතරගම මහා දේවාලයේ පූජාවන්ට සහභාගි වන ඉන්දීය ජාතික බැතිමතුන් කණ්ඩායම් දැකිය හැකිය.

වල්ලි අම්මා දේවාලය තේවානි අම්මා දේවාලය හා සෙල්ල කතරගම මැණික් ගඟ මධ්‍යයේ ඇති පුරාණ ගණ දේවාලයන්හිද පුජාවන්ට ඔවුහු සහභාගි වෙති. කතරගමට එන සෙංචාරකයින්ට සුදුසු පරිදි වැසිකිළි පද්ධතියක් නව නගරයේ හා පූජා නගරයේ ඉදිකිරීම පිළිබඳව අදාළ අංශවල අවධානය යොමු විය යුතුව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා