රන් මාල හොරකමේ ගිය දෙදෙනකු අත්අඩංගුවට

රන් මාල හොරකමේ ගිය දෙදෙනකු අත්අඩංගුවට

හුරුළුවැව පහළදී පිහියක් පෙන්වා කරේ බැඳි රුපියල් 40000 පමණ වටිනා රන් මාලයක් කඩාගෙන යමින් සිටිය සැකකරුවන් දෙදෙනකු යකල්ල ප්‍රදේශයේදී ගලෙන්බිඳුණුවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් ගලෙන්බිඳුණුවැව සහ කැකිරාව ප්‍රදේශවලින් සොරකම් කළ රන් මාල 3 ක් කැකිරාව නගරයේ උකස් කර තිබියදී සොයාගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් කළුබේ ගම්මානයේ පදිංචිකරුවන් වෙති. ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් මස 07 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා