ඕනෑම ප්‍රදේශයක වගා කළහැකි නවතම වී ප්‍රභේදයක්

ඕනෑම ප්‍රදේශයක වගා කළහැකි නවතම වී ප්‍රභේදයක්

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි නව වී ප්‍රභේදයක් අම්බලන්තොට වී පර්යේෂණ ආයතනය මගින් හඳුන්වා දී ඇත. වියළි හා වැසි සහිත කාලගුණික රටාවකට ඔරොත්තු දෙන මෙම නව වී ප්‍රභේදය හඳුන්වා ඇත්තේ ඒ. ටී. 303 නමින්ය. කෘමි රෝගයන්ටද ඔරොත්තු දෙන ඒ. ටී. 303 වී ප්‍රභේදය වගා කිරීමෙන් මාස 3 කින් අස්වැන්න ලබා ගත හැකි බවද අක්කරයකින් වී බුසල් 60 – 65 ටත් අතර වී අස්වැන්නක් ලබා ගත හැකි බවද අම්බලන්තොට වී පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

දැනටමත් මෙම වී ප්‍රදේශයේ ගොවීන්ට හඳුන්වා දීමේ ප්‍රායෝගික දැනුම්වත් කිරීම් ගණනාවක් වී පර්යේෂණ ආයතනයට අයත් කුඹුරු යායේදී සිදු කර ඇත. වලව, බැරගම, තොග්ගල්ල, සියඹලාගස්විල, මානජ්ජාව යන ප්‍රදේශවල ගොවීන් රාශියක් දැනටමත් මෙම වී ප්‍රභේදය වගා කිරීමටද උනන්දු වී ඇත. යල මහ දෙකන්නයටම නව වී ප්‍රභේදය වගා කිරීමට හැකි වීමද විශේෂ ලක්ෂණයකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා