නුසුදුසු ලෙස ගබඩා කර තිබූ මාගරින් තොගයක් සමඟ අයෙක් දැලේ

නුසුදුසු ලෙස ගබඩා කර තිබූ මාගරින් තොගයක් සමඟ අයෙක් දැලේ

ආහාර ගබඩා කිරීමේ දී ලබා දී තිබෙන උපදෙස් කඩකරමින් ගබඩා කොට තිබූ මාගරින් විශාල තොගයක් සමඟ බෙදා හැරීමේ ආයතනයේ කළමනාකරුවකු පෙරේදා (23) දහවල් අත්අඩංගුවට ගත් බව මහියංගණ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි. මාගරින් ගබඩා කර තිබූ ශීතාගාරය ක්‍රියා විරහිතව තිබූ බවත් නියමිත සෙල්සියස් අංශක අගය නොමැති වීම යන හේතු මත මෙම මාගරින් ආහාරයට ගැනීමට නොසුදුසු තත්ත්වයට පත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවත් ශීතාගාරයට සීල් තැබූ බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

අත්අඩංගුවට ගත් මාගරින් අතර කිලෝ ග්‍රෑම් එකේ පැකට් දොළහකින් යුක්ත පෙට්ටි හතරක් ද ග්‍රෑම් හතළිහේ පැකට් දෙසිය අසූ අටකින් යුක්ත පෙට්ටි දහ හතරක් ද ග්‍රෑම් දෙසිය පනහේ පැකට් හතළිස් අටකින් යුක්ත පෙට්ටි දහයක් ද, ග්‍රෑම් පන්සියේ පැකට් විසිහතරින් යුක්ත පෙට්ටි එකොළහක් ද අත්අඩංගුවට ගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා