රඹුක්කන වඩු පාසල අරඹා වසර 40ක් ගතවුණත් පුහුණුව ලබා ඇත්තේ 300යි

රඹුක්කන වඩු පාසල අරඹා වසර 40ක් ගතවුණත් පුහුණුව ලබා ඇත්තේ 300යි

කෑගල්ල ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ආරම්භ කළ රඹුක්කන වැලිගමුව වඩු පාසලින් වසර හතළිහක් ගත වන විටත් පුහුණුව ලබා ඇත්තේ300 ට ආසන්න පිරිසකි. 1972 වර්ෂයේ ආරම්භ කර ඇති වැලිගමුව වඩු පාසල නිස්කලන්ක භූමි භාගයක පිහිටා ඇති අතර ගොඩනැගිලි තුනකින් යුක්තය. දේශන ශාලාවක්, ප්‍රායෝගික පුහුණු අංශය, කාර්යාලය දැව ආදර්ශ දැව ගබඩාව යන අංගයන්ගෙන් යුක්තය. වඩු කර්මාන්තය සඳහා අවශ්‍ය සෑම උපකරණයක්ම පාහේ දක්නට ඇතත් ඉන් සමහරක් ඒවා සුළු අඩු පාඩු මධ්‍යයේ පවතින ඒවාය. අප එහි යන විට වඩු ක්‍ෂේත්‍රයේ රැකියාවන් සඳහා යොමුවීමේ දැඩි ආශාවෙන් පසුවන සිසුන් පිරිසක් පුහුණුවීම් කටයුතු වල නිරතව සිටින අයුරු දැක ගැනීමට ලැබිණි. එම සිසුහු සිය අද්දැකීම් මෙසේ පැවසූහ.

එච්. චාමන්ත අබේසුන්දර සිසුවා - මම රඹුක්කන මඩවල ප්‍රදේශයේ පදිංචි අයෙක්. මේ වසරේ ජනවාරි මාසේ තමයි ආවේ. පැමිණි කාලයේ මුලින්ම වැඩවලට අත හුරු කිරීමක් කළා. දැන් ටික ටික වැඩවලට යොමුකරමින් දැනුවත් කරනවා. සර් ඉතාම හොඳින් පාඨමාලා කියා දෙනවා.

ටී. එච්. ශාන්ත රුමේස් හෙට්ටිආරච්චි සිසුවා - පසුගිය වසරේ තමයි වඩු පාසලට ආවේ. වසරක් ගතවෙලා තියෙනවා. දක්ස වඩු බාස් කෙනෙක් වෙන්න ආශාවක් තියෙනවා. මේ වන විට පුටු, ඩෙස්, වැල්පුටු, කබඩ්, ඇඳ වල් ආදිය පිළිබඳ කියා දීලා තියෙනවා.

තාරක මහේෂ් සිසුවා - අපිත් එක්ක පාඨමාලාව සඳහා දහයක් ආවා. නමුත් පාඨමාලාව අවසන්වන කොට ඉන්නේ කීප දෙනයි. දැනට ඉන්නේ පස් දෙනයි. අපි මේ වන විට තරමක දැනුමක් ලබාගෙන තියෙනවා.

වැලිගමුවේ යාන්ත්‍රික වඩුපාසලේ ස්ථානභාර නිලධාරී ඒ. ජී. කුලතුංග මහතා - 2008 වර්ෂයේ තමයි ස්ථානභාර නිලධාරී වශයෙන් ආවේ. රජය මගින් හැම පහසුකමක්ම ලබාදී තිබුණත් සිසුනගේ පැමිණීම අඩුවක් තියෙනවා. ආරම්භයේ 15 ක් ආවොත් පාඨමාලාව අවසන 5 ක් විතර තමයි ඉතිරි වෙන්නේ. ගම්වල කොච්චර තරුණ පිරිසක් ඉන්නවාද කිසිම රැකියාවක් නොකර. ;ම් අයට නිසි දැනුමක් මේ සම්බන්ධව නොමැති නිසයි මේවාට සම්බන්ධ නොවන්නේ. ඒ නිසා අදාළ වසම්වල ග්‍රාම නිලධාරී කෘෂිකර්ම සහකාර සමෘද්ධි නිලධාරී මහත්ම මහත්මීන් ඒ අයව දැනුවත් කරනවා නම් මීට වැඩි පිරිසක් එන්න පුළුවන්.

පාඨමාලාවට එක්ව සිටින සිසුන්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා