පුරාවිද්‍යා බිමකට අනවසරයෙන් ඇතුළු වූ අයට දඩ

පුරාවිද්‍යා බිමකට අනවසරයෙන් ඇතුළු වූ අයට දඩ

පුරාවිද්‍යා බිමකට අනවසරෙන් ඇතුළු වී නිදන් සෙවූ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් පස් දෙනකුගෙන් වරද පිළිගත් සිවු දෙනකුට රුපියල් 8,80,000ක දඩ මුදලක් ගෙවන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.

විල්පත්තුව අභය භූමියට ඇතුළු වී පුරාවිද්‍යා බිමක නිදන් සොයා පුරාවස්තු වලට හානි සිදු කිරීම, හා පුරාවිද්‍යා බිමකට අනවසරයෙන් ඇතුළුවීම යන චෝදනා සැකකරුවන්ට එල්ල වී තිබූ අතර සැකකරුවන් සිවු දෙනකු අධිකරණය හමුවේ වරද පිළිගත්තේ ය. එක් වරදකරුවකුට රුපියල් 2,20,000 දඩයක් නියම විය. අධිකරණය හමුවේ වරද පිළිනොගත් සැකකරු මේ මස 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. දඩ මුදල් නොගෙවන්නේ නම් විත්තිකරුවන් සිවු දෙනාට වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා