රේගුවේ ඇස් වසා සිමෙන්ති තොගය පැන්නුවේ කොහොමද?

රේගුවේ ඇස් වසා සිමෙන්ති තොගය පැන්නුවේ කොහොමද?

විශේෂ පරීක්ෂණයක්

ප්‍රමිති සහතිකයක් ලබා නොගත් සිමෙන්ති වෙළෙඳ පොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ජාතික සමූපකාර මණ්ඩලය පකිස්තානයෙන් ආනයනය කළ සිමෙන්ති තොගයක් ජාතික සමුපකාර මණ්ඩල ගබඩා සඳහා ශ්‍රී ලංකා රේගුව නිකුත් කර ඇතත් ප්‍රමිති සහතිකය නොමැතිව වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවසර ලබා දී නැත.

ප්‍රමිති සහතිකය ලබාගැනීමට සිමෙන්ති සාම්පල ඉදිරිපත් කර තිබිය දී සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රේගුව පරීක්ෂණ පවත්වන අතර වෙළදපොළේ තිබෙන්නේ එම සිමෙන්තිම දැයි සොයා බැලීමට ද  ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ වන විටත් කිහිප දෙනකුගෙන් කට උත්තර ලබාගෙන ඇතැයි ද ලංකා රේගුව අවසර ලබා නොදුන් සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කර ඇත්නම් ඒ සම්බන්ධව රේගු ආඥාපනතට අනුව නීතිමය පියවර ගැනීමට ද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව උසස් නිලධාරියකු පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා