දහසේ හොර නෝට්ටු 12ක් ගාල්ල වඳුරඹින් අත්අඩංගුවට

දහසේ හොර නෝට්ටු 12ක් ගාල්ල වඳුරඹින් අත්අඩංගුවට

පාසල් සිසුවකු ඇතුළු 3ක් සැකපිට

එකම අංකයෙන් යුතු රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 12 ක් සමඟ සැකකරුවන් තිදෙනකු වදුරඹ පොලිසිය විසින් ඊයේ (6) සවස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකටයුතු ලෙස වදුරඹ නගරයේ සැරිසරමින් සිටි මේ තිදෙනා පිළිබඳ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේ දී මේ ව්‍යාජ මුදල් නෝට්ටු 12 සොයා ගෙන තිබේ.

මෙම සැකකරුවන් තිදෙනාගෙන් එක් අයකු පාසල් ශිෂ්‍යයකු වන අතර තිදෙනාම වයස අවුරුදු 18 ත් 20 ත් අතර පසුවන්නන් ය. වැඩිදුර විමර්ශන කටයුතුවලදී මේ ව්‍යාජ මුදල් මුද්‍රණය කරන මුද්‍රණ යන්ත්‍රයක්, පරිගණකයක් හා විශේෂිත වූ කඩදාසි ද වදුරඹ නගරයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද (7) බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරෙන අතර වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කරන බව වදුරඹ පොලිසියේ පොලිස් පරීක්‍ෂක බුද්ධික පනාවල මහතා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා