ඡන්දය නැත්නම් ග්‍රාම නිලධාරී හමුවෙන්න

ඡන්දය නැත්නම් ග්‍රාම නිලධාරී හමුවෙන්න

2011 වසර සඳහා ඡන්ද හිමි නාම ලේඛනය නොලැබුණු පුද්ගලයන් සිටීනම් ඔවුන්ට ඒ සඳහා නැවත වරක් අවස්ථාව ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය පියවරගෙන තිබේ. අවතැන්ව සිටි පුද්ගලයන්, විදේශගතව සිටි පුද්ගලයන් සහ, මුල් පදිංචිය වෙනස් කළ පුද්ගලයන් තමන්ගේ අනන්‍යතාව ග්‍රාම නිලධාරීන් හරහා තහවුරු කර ගන්නේ නම් මේ නාම ලේඛනයට කඩිනමින් ඇතුළත් විය හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ උසස් නිලධාරියකු ඊයේ (06) දිනමිණට පැවැසීය.

මේ අනුව 2011 වසර සඳහා ඡන්දහිමි නාමලේඛන කටයුතු සිදු නොකළ පුද්ගලයන් සිය පදිංචි දිස්ත්‍රික්කයේ සහකාර කොමසාරිස්වරයා හමුවී අදාළ පෝරමය හැකි ඉක්මනින් ලබාදෙන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය ඡන්ද හිමි නාම ලේඛණය නොලැබුණ පුද්ගලයන්ගෙන් ඉල්ලීමක් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා