ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියැයි කළුතර ව්‍යාපාරිකයාට ඇප

ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියැයි කළුතර ව්‍යාපාරිකයාට ඇප

කළුතර නගර මධ්‍යයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියැයි අධිකරණය හමුවට පමුණුවනු ලැබූ කළුතර ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියම කළේය. මෙසේ ඇප නියම වූයේ කළුතර පදිංචි කොළඹ ආරච්චිගේ දයානන්ද චන්ද්‍රසිරි (අවු. 63) නම් වූ අයට ය. ගණිකා නිවාසය පැවැත්වීමට අනුබල දෙන ලදැයි අධිකරණය හමුවට පමුණුවනු ලැබූ ඩී. ජී. උපාලි නැමැත්තාද රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියම කළේය.

ගණිකා වෘත්තියේ නියැලෙන ලදැයි සැක පිට අධිකරණය හමුවට පමුණුවනු ලැබූ කාන්තාව රුපියල් පනස්දාහක ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කළ විනිසුරුවරයා ඇය පිළිබඳ සමාජ රෝග වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නියම කරන ලදී. කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්‍ෂක මල්කා තුෂාරි සහ සැරයන් (57180) ආනන්ද යන මහත්ම මහත්මීන් විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා