කාන්තාවකට අතවර කළැයි මීගමුව පොලිසියෙන් පරීක්‍ෂණ

කාන්තාවකට අතවර කළැයි මීගමුව පොලිසියෙන් පරීක්‍ෂණ

මීගමුව දිසා මහ රෝහලේ පවිත්‍රතා අංශයේ පරීක්ෂක වරියකට එම රෝහලේම කම්කරු සේවකයකු ලිංගික අතවර කෙළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව මීගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

දිනක් මෙම සේවිකාව සිය විවෙකාගාරයේ නිදහසේ සැතැපී සිටි අවස්ථාවේ හොර රහසේ කාමරයට ඇතුළු වූ මොහු කාන්තාව බදාගෙන ලිංගික අතවර කළේ යැයි පැමිණිල්ලේ සඳහන් ය.

සේවිකාව, සිද්ධිය, රෝහල් පොලිසියට පැමිණිලි කර තිබුණි. පොලිසිය මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්්‍යංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක මාලනී මහත්මියගේ උපදෙස් පිට පොලිස් කොස්තාපල් 51703 අත්තනායක මහතා වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා