සූතිකාගාරය බංකරයක

පැය 24 ක් හිටිවන කවි කියා ලෝක වාර්තාවකට සැරසෙන නූතන ගජමන් නෝනා

කවිය සාහිත්‍යයේ එක් අංගයකි. කවිය ජන මාධ්‍යයක් කරගත් කල එයින් අමතන ජනතාව කෙරේ සංවේදී හැඟීම් පුබුදුවා ඉන් යථර්ථය පිළිබඳ ගැඹුරු අවබෝධයක් චින්තනයක් ජනිත කිරීමට සමත්වෙයි .

කනංකේ ලතා ද සිල්වා කිවිඳිය විද්‍යුත් මාධ්‍යයන් සහ එළිමහන් වේදකාවේත් කවි ගායනයෙන් නූතන ‘ගජමන් නෝනා” නමින් ප්‍රකටව සිටී.

කවි මඩු දහසකට වැඩි ප්‍රමාණයක් පවත්වා ඇති ඇය මේ සැරසෙන්නේ දවසේ පැය 24 පුරා හිටිවන කවි ගායනයෙන් ලෝක වාර්තාවක් තබන්නට ය. මේ “දිනමිණ” නූතන “ගජමන් නෝනා” සමඟ කළ සංවාදයකි.

ගීත කලාවට ප්‍රමුඛව හිමිවන යුගයක ඔබ කොහොමද කවියට යොමුවුණේ

කුඩා කළ සිට මට තිබුණෙ කවි තාලයට ගායනා කිරීමේ උනන්දුවක්. පසුව එය හිටිවන කවිය දක්වා වර්ධනය වුණා. ඕනෑම සිද්ධියක් එළිසමය එළි වැට රැකෙන විදියට කවියෙන් ගායනා කරන්නට හැකි වුණා. මෙය ටිකෙන් ටික වැඩිදියුණු වුණා. පසුව වේදිකාවට, ජනහමු, දේශපාලන, මඟුල් ගෙවල් මේ සියල්ලකම හිටිවන කවියෙන් සභාව අමතන්න හැකිවුණා. මේ විදියට තමයි මම ඉදිරියට ආවේ. මම නූතන ගජමන් නෝනා නමින් ප්‍රසිද්ධ වුණා.

මේ තලයට එන්න කවුද උදව් කළේ.

උදව් කළා නොවේ. වැළකුවා. පුංචි කාලෙ ඉඳන් කවි කියන හැකියාව මවුපියන් හංගන්න හැදුවා. නමුත් දහම් පාසල් ධර්මාචාර්යවරියක හැටියට පන්සලේ උත්සව සභාව කවියෙන්ම අමුත්තන් පිළිගත්ත නිසා එතන හිටිය හාමුදුරුවරු සියල්ලම කීවා මෙය ඉතා දුර්ලභ හැකියාවක් වැලළෙන්නට දෙන්න එපා කියලා දෙහිඅත්තේ චÁද්‍රවිමල හිමිගෙන් ඡ්‍යොතිෂ්‍ය ඉගෙන ගත්තා. දේශීය වෙදකම ඉගෙන ගත්තා. ඒත් එක්කම මගේ කවිය ඔපවත් වුණා. මගේ ඊළඟ ඉලක්කය පැය 24 පුරාම හිටිවන කවි ගායනයෙන් ලෝක වාර්තාවක් තියන්න.

මේ කවි මඩුව කවද්ද පවත්වන්නෙ?

වැඩි ඈතක නොවේ (13) දා මාකඳුර මධ්‍ය මහා විද්‍යාල භූමියේදී දහවල් 12.37 සිට අද (14) 12.37 දක්වා මෙම හිටිවන කවි ගායනය සිදු කරනවා.

විනිශ්චය කරන්නෙ කවුද?

ප්‍රවීණ කවි කිවිඳියන් කිහිප පළක්ටම ආරාධනා කර තියෙනවා. කවි මඩුව බලන්න එන අය විනිශ්චය කරනවා.

කවි ගායනයට මාතෘකාවක් තියෙනවද?

නැහැ. ඕනෑම මාතෘකාවක් යටතේ හිටිවන කවියක් කියන්න පුළුවන්.

ගීතයට විශාල ආකර්ෂණයක් ඇති යුගයක කවියට ඒ තරම් තැනක් නැහැ නේද?

එහෙම නැහැ. මම කවි මඩු දහසකට විතර සහභාගී වෙලා තියෙනවා. ඒ හැම තැනකම සෙනඟ උතුරන්න හිටියා. දැන් දැන් කවි කලාවට යොමුවන පිරිසත් වැඩී. මේ සඳහා මුදලක් වැයවන්නේ වත් එහෙම නැතිව විච්චූර්ණ සැරසිලි ශබ්ද පරිපාලන අය ඒ වගේ මහා විශාල වියදම් යන වැඩක් නෙවෙයි. මේ කවි කලාව ඒ නිසා මේ සඳහා ඇති උනන්දුව වැඩි කළ යුතුයි. මිනිසුන්ගෙ පරිකල්පන බුද්ධිය එයින් වැඩිදියුණු වෙනවා.

දහසක් පමණ කවි මඩු පවත්වලත් පිටරටක එහෙම කවි මඩුවක් පවත්වන්න හිතුවෙ නැද්ද?

ඇයි නැත්තෙ! ඉන්දියාවේ සැවැත් නුවරදීත් මම කවි මඩුවක් පැවැත්වුවා. එහිදී භික්ෂූන් වහන්සේලාගෙන් ලැබුණු ප්‍රශංසාව සිල්වතුන් සැදැහැවතුන්ගෙන් ලැබුණ ප්‍රශංසාව මේ තමයි පිං දහම් කියන්නෙ.

කවි මඩුවකට ඔබට ආරාධනා කරනවා නම් කොහොමද ආරාධනා කරන්නෙ?

කවි මඩු ආරාධනා භාරගන්නවා. ඒ වගේම දැනට ඉදිරියටත් විශාල වශයෙන් ආරධනා තියෙනවා.

මගේ ලිපිනය

ලතා ද සිල්වා,
“සිරි මැදුර”, ගමේ වත්ත, කනංකේ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා