වරාය අධිකාරියට ටියර් ‘බී’ ක්‍රිකට් සූරතාව

වරාය අධිකාරියට ටියර් ‘බී’ ක්‍රිකට් සූරතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන පළමු පෙළ එක් දින ක්‍රිකට් තරගාවලියේ ටියර් බී කොටසේ සූරතාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය විසින් දිනා ගන්නා ලදී.  අවසාන තරගයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව කඩුලු 03 කින් පරාජයට පත් කරමින් මෙම ජයග්‍රහණය අත්කර ගත්තේය.  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ අන්තර් සමාජීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියක ජයග්‍රහණය අත්කර ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විවිධ ක්‍රීඩාවන් සඳහා අතීතයේ සිට දායකත්වය ලබාදුන් අතර, වොලිබෝල් ක්‍රීඩාව, කැරම්, දැල් පන්දු, බිලියඩ් හා ස්න®කර් ක්‍රීඩාව වැනි ක්‍රීඩාවලින් ජාතික තලයේ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වූ අතර, එමගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකට අනාගතය හෙළි පෙහෙළි කර ගැනීමට අවස්ථාව උදාකර දුන්නේය.  වර්තමානයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පි‍්‍රයත් බී. වික්‍රම මහතාගේ නායකත්වයෙන් හා කළමනාකාරීත්වයේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රීඩාවෙන් ලබාගත් කිතු ගොස තවදුරටත් ඉහළ නැංවීම පිණිස නව වැඩපිළිවෙළ රාශියක් දියත් කොට තිබේ.

කි‍්‍රකට් ක්‍රීඩාවෙන් මෙතෙක් කල් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පළමු පෙළ මට්ටම නියෝජනය කිරීමට හැකියාව නොලැබුණ ද ජාතික කණ්ඩායම නියෝජනය කරන සුරාජ් රන්දීව් මෙම අධිකාරියේ විධායක නිලධාරියෙකු වන අතර, ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මෙන්ම වයස 19 න් පහළ ජාතික කණ්ඩායමට නායකත්වය දුන් අශාන් පි‍්‍රයංජන ඇතුළු පළමු පෙළ මට්ටමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම අධිකාරියේ සේවය කරයි.

ජයග්‍රාහී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රිකට් සමාජීය කණ්ඩායම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පි‍්‍රයත් බී. වික්‍රම මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ඉදිරිපෙළ - ශානුක දිසානායක (උප නායක), සජිත් ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු), ආචාර්ය පි‍්‍රයත් බී. වික්‍රම (සභාපති - ශ්‍රී ලංකා වරාය අධිකාරිය), ශාන්ත කලවිටිගොඩ (නායක), අගිල් හේවාගීගන (ප්‍රධාන ඉංජිනේරු - දක්ෂිණ සංවර්ධන), නලින් අපෝන්සු (නියෝජ්‍ය ප්‍රධාන කළමනාකරු - සන්නිවේදන හා මහජන සම්බන්ධතා), පි‍්‍රයන්ත තිසේරා (සහය පුහුණුකරු)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා