මැලේසියානු ක්‍රීඩකයන් දෙදෙනකුට තහනම් උත්තේජන චෝදනා

මැලේසියානු ක්‍රීඩකයන් දෙදෙනකුට තහනම් උත්තේජන චෝදනා

පසුගිය නොවැම්බරයේදී පැවැති ගිණිකොන දිග ආසියා ක්‍රීඩා තරගාවලියේදී පදක්කම්ලාභී මැලේසියානු ක්‍රීඩකයන් දෙදෙනෙකු තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත් මොවුන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව එරට රජයේ ඇමැතිවරයෙකු පසුගියදා ප්‍රකාශ කොට තිබේ.

මෙම තෙරතුරු අනාවරණය කළ නිව් ස්ට්‍රේටස් ටයිම්ස් පුවත්පත අදාළ ක්‍රීඩකයන්ගේ නම් අනාවරණය කර නැතත් එක් අයෙක් 4 x 400 සහාය දිවිමේ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙන් බවට අනුමාන කරයි. අනෙකුත් තොරතුර ඉන්දුනීසියාවේදී බර ඉසිලීමේ තරගයේදී ලෝකඩ පදක්කම දිනාගත් අයෙකි. මැලේසියාව ඉහත තරගයේ දී රන් පදක්කම් 59 ක් රිදී පදක්කම් 50ක් හා ලෝකඩ පදක්කම් 81ක් දිනා ගැනීමට සමත්විය. මීට කලින් තහනම් උත්තේජක භාවිතයට හසුවී මැලේසියානු ක්‍රීඩකයෙකු දඬුවම් ලැබුවේ 2005 වර්ෂයේදීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා