මෙසී තෙවැනි වරටත් විශිෂ්ටයා වෙයි

මෙසී තෙවැනි වරටත් විශිෂ්ටයා වෙයි

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනමන ජ්ධ්ජ්ඒ ගෞරවනීය සම්මානය අඛන්ඩව තුන්වන වරටත් දිනා ගැනීමට බාසිලෝනා කණ්ඩායමේ ලයනල් මෙසී සමත්විය. 24 හැවිරිදි මෙසි, රියල් මැඩ්රිඩ් පිලේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩිනෝ සහ බර්කා පිලේ සාවි පරාජය කරමින් මේ සම්මානයට හිමිකම් කීය. එම ජයග්‍රහණයෙන් තමා බෙහෙවින් උද්දාමයට පත් වී සිටින බව පවසන මෙසී තුන්වැනි වරටත් මේ සම්මානට තමාට හිමිවීම විස්මය ජනක සිද්ධියක් බව පවසයි.

ඒ සම්බන්ධයෙන් තම කණ්ඩායමට මෙන්ම තම පුහුණුකරුවන්ට ද භෞතචිකිත්සකට මෙන්ම ආර්ජන්ටිනා ජාතික කණ්ඩායමට ද තම කෘතඥතාව පළ කරන මෙසි මේ ජයග්‍රහණය තම ජීවිතයේ අමරණීය සිහිවටයක් බව පවසයි. තම කණ්ඩායමේ සාවි ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ද ඔහු තම සතුට පළ කර තිබේ. මින් පෙර අඛන්ඩව තෙවරක් මේ සම්මානය දිනාගෙන ඇත්තේ උඡ්ජ්ඒ සභාපති මයිකල් පෙලාටිනි පමණි.

පසුගියදා සූරිච් නුවරදි පැවැති ෆිෆා සම්මාන උළෙලේදි සම්මානලාභීන්

වර්ෂයේ හොඳම ක්‍රීඩකයා - ලයනල් මෙසී (බාසිලෝනා)

හොඳම පුහුණුකරු - පෙප් ග්ටාඩිඕලා (බාසිලෝනා)

හොඳම ගෝල් රකින්නා - නෙයිමා (සැන්ටෝස්)

ෆිෆා හොඳම කාන්තා ක්‍රීඩිකාව - හොමාරි සාවා (ජපානය)

හොඳම කාන්තා පුහුණුකරු - නොරිසෝ සසාකි (ජපානය)

ෆිෆා ජනාධිපති සම්මානය - ශ්‍රීමත් ඇලෙක්ස් ෆර්ගියුසන් (මැන්චෙස්ටර් යුනයිටඩ්)

වඩාත්ම විනයගරුක කණ්ඩායම – ජපාන පාපන්දු කණ්ඩායම

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා