වොලිබෝලය ඉහළට යයි

වොලිබෝලය ඉහළට යයි

ලොව දක්ෂතම වොලිබෝල් කණ්ඩායම් නවතම ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා පිරිමි පිල ස්ථාන 13ක් ඉදිරියට ගොස් තිබේ. ආසියානු තරගාවලියේදී දක්වන ලද දක්ෂතා මත ශ්‍රී ලංකාව 91වැනි ස්ථානයට පත්ව සිටී. කාන්තා වොලිබෝල් පිල නවතම ශ්‍රේණිගත කිරීම අනුව 2011 වසරේ ප්‍රගතියක් පෙන්වා නැත. එම කණ්ඩායම 103 වැනි ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායමට ඉහළින් දකුණු ආසියානු රටවල් 3 ක් ඇත.

බංග්ලාදේශය (84 වැනි), පාකිස්තානය (43 වැනි) හා ඉන්දියාව (30 වැනි) එම රටවල් වේ. ගෙවී ගිය වසරේ දක්ෂතා අනුව බංග්ලාදේශය ස්ථාන 7 ක් පහළට වැටී ඇත. පාකිස්තානය ස්ථාන 3 කින් ඉහළට ගොස් ඇති අතර ඉන්දියාව එකම තැන රැඳී සිටී.  ශ්‍රී ලංකා කනිෂ්ඨ පිරිමි වොලිබෝල් පිල ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 37 වැනි ස්ථානය දක්වා ස්ථාන 2 ක් ඉහළට ගොස් ඇත. දකුණු ආසියානු කලාපයේ කනිෂ්ඨ අංශයේ ශ්‍රී ලංකාවට ඉහළින් ඉන්දියාව 13 වැනි ස්ථානයේ ඇතත් ගෙවී ගිය වසරේ දක්ෂතා අනුව පහළ යෑමක් පෙන්නුම් කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා