කරන්දෙණිය දොස්තර ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

කරන්දෙණිය දොස්තර ඝාතනයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

කරන්දෙණිය දිසා රෝහලේ වෛද්‍ය පි‍්‍රයංක, ප්‍රසාද් ජයසිංහ මහතාග් ඝාතනය සම්බන්ධයෙන් කළුතර රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් පස් දෙනා මේ මස 24 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අසංක ශාමේල් බොදරගම මහතා නියෝග කළේ ය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ කරන්දෙණිය බොරකන්ද රසායනාගාර හිමිකරු චින්තක රුවන් ජයසේන, ඇල්පිටිය කුරුඳුගහ හැතැක්මේ පදිංචි යුද හමුදා කපිතාන් චන්දන වික්‍රමසිංහ , මීටියාගොඩ පදිංචි යුද හමුදා ලාන්ස් කෝප්‍රල් වරුන්වන එස්. ශාන්ත ද සිල්වා එස්. ජයලත් ද සිල්වා සහ මීටියාගොඩ මහවෙල පදිංචි ඩී. විජිත් ආනන්ද සොයිසා , සැකකරුවන් පස් දෙනාය.

ඊයේ (10) උදේ 9.00 ට පමණ සැකකරුවෝ කළුතර බන්ධනාගාරයේ සිට නිල් පැහැති වෑන් රථයකින් බලපිටිය අධිකරණයට ගෙන එනු ලැබූහ. කරන්දෙණිය ප්‍රදේශයේ සිට පැමිණි විශාල පිරිසක් බලපිටිය අධිකරණයට ඇතුළුවන ප්‍රධාන දොරටුව අසල ඊයේ (10) උදෑසන සිට රැස්ව සිටියද කිසිවකුටත් අධිකරණ භූමියට ඇතුළුවීමට පොලිසිය අවසර ලබා දුන්නේ නැත. මේ පිළිබඳව පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ලාල් ශාන්ත මහතා පොලිස් නිලධාරින්ට විරෝධය දැක්විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා