පුද්ගලයන් 50ක් ඕස්ට්‍රේලියාවට පන්නලා බහුදින යාත්‍රාව සමඟ සැකපිට 4ක් අල්ලයි

පුද්ගලයන් 50ක් ඕස්ට්‍රේලියාවට පන්නලා බහුදින යාත්‍රාව සමඟ සැකපිට 4ක් අල්ලයි

පුද්ගලයන් පනහකට වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවට ගෙන ගිය බව කියන බහුදින යාත්‍රාවක් සැකකරුවන් සිවු දෙනකු සමගින් නාවික හමුදාව ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ බහුදින යාත්‍රාවේ නැගී අනවසරයෙන් ඕස්ට්‍රේලියාව බලා ගමන් කිරීමට සූදානම්ව සිටි පුද්ගලයන් විසි එක්දෙනකු දැනට දින තුනකට ඉහතදී නාවික හමුදාව විසින් හම්බන්තොට රැකව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු බහු දින යාත්‍රාව පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසීය.

මේ යාත්‍රාව මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් වන අතර හම්බන්තොට මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට පත් විය. පුද්ගලයෙකු ඕස්ට්‍රේලියාවට ගෙන යාම සඳහා රුපියල් ලක්ෂ දහයේ සිට විස්ස දක්වා මුදලක් අය කර ගෙන ඇතැයි පැවසේ. මේ වන විට සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා නාවික හමුදාව විසින් රහස් පොලිසිය වෙත භාරදී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා