ජ’පුර සරසවියේ විරු සිසු ස්මාරකයට බෝම්බ ගැසූ 13ක් හඳුනා ගෙන

ජ’පුර සරසවියේ විරු සිසු ස්මාරකයට බෝම්බ ගැසූ 13ක් හඳුනා ගෙන

ජයවර්ධනපුර සරසවියේ ඉදිකර තිබූ විරු සිසු ස්මාරකයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සහ සරසවි භූමිය තුළ කලහකාරී ලෙස හැසිරෙමින් ආරක්ෂක අංශ සාමාජිකයන්ට පහර දීමේ සිද්ධියට අදාළව ශිෂ්‍යයන් දහතුන් දෙනකු පොලිසිය විසින් හඳුනාගෙන තිබේ. මේ ශිෂ්‍යයන් අතර භික්ෂුන් වහන්සේලා තෙනමක් සිටින බවත් මේ සිසුන් දහතුන් දෙනාට මේ මස 13 වනදා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත්, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

සිසු ස්මාරකයට එල්ල කළ බෝම්බය සරසවි භූමියට ගෙන ආ පුද්ගලයින් පිළිබඳවත්, එය පුපුරවා හැරි පුද්ගලයින් පිළිබඳවත් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි. සරසවි භූමිය තුළ බලහත්කාරයෙන් රැදී සිටි ශිෂ්‍යයන් එක්දහස් පන්සියයකට වැඩි පිරිසක් අධිකරණ නියෝග මත පොලිසිය විසින් පෙරේදා (9) ඉවත් කරනු ලැබීය. සරසවි භූමිය තුළ ඊයේ (10) පෙරවරු වන විට කිසිදු ශිෂ්‍යයෙකු දක්නට නොලැබුණු බව පොලිසිය පවසයි.

සරසවි භූමිය අවට මේ වන විට යුද හමුදාව සහ පොලිසිය එක්ව ආරක්ෂාව තර කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා