එල්.ටී.ටී.ඊ. සැකකරුවෝ 4ක් වවුනියාවේදී අත්අඩංගුවට

අත්බෝම්බ, පිස්තෝලයක්, ජංගම දුරකථන 06ක් සමඟ

එල්.ටී.ටී.ඊ. සැකකරුවෝ 4ක් වවුනියාවේදී අත්අඩංගුවට

අත්බෝම්බ, පිස්තෝලයක් හා ජංගම දුරකථන සමග එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 04 දෙනෙකු වවුනියාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්බෝම්බ -04 ක්, සෙල්වම් පිස්තෝලයක් (එල්.ටී.ටී.ඊ. නිෂ්පාදනයක්) සහ ජංගම දුරකථන 06 ක් සැකකරුවන් ළඟ තිබී සොයාගත් බව වවුනියාව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන පොලිස් පරීක්ෂණ සිදු කරන අතර මේ සැකකරුවන් වවුනියාව, තේක්කවත්ත, පලෙයි සහ නාගරිප්පුකුලම් පදිංචි දෙමළ ජාතිකයින් බවද පොලිසිය පවසයි.

මොවුන් ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ අය බවද මුලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. මේ යුද උපකරණ නිවසක සඟවා තිබියදී සොයාගත් අතර අත්අඩංගුවට පත්වූ එක් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු අනුව සෙසු 03 ද 08 දින අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා