නිදන් සෙවීමේ අරමුණින් පුරාවිද්‍යා භූමියක කැනීම් කළ 9ක් අත්අඩංගුවට

නිදන් සෙවීමේ අරමුණින් පුරාවිද්‍යා භූමියක කැනීම් කළ 9ක් අත්අඩංගුවට

පුරාවිද්‍යා වටිනාකමක් සහිත භූමියකට ඇතුල් වී නිදන් සෙවීමේ අරමුණින් පොළව තැනීමට සූදානම් වු පුද්ගලයන් නම දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්තිකා මාරපන මහත්මිය නියෝග කළාය.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කඳාන, ජාඇළ හැරිසන් පෙරේරා, චන්දන ජයලත්, අන්දරවැව මීගලෑව කුමාර විමලසේන, උපාලි මාරසිංහ, සාලිය මාවත අනුරාධපුර ඩබ්. පියසේන, පහළ දියදොර කුලියාපිටිය සනත් කුමාර, මිගලෑව, මකුලෑව උපාලි දිසානායක කුලියාපිටිය ලක්මල් දහනායක හා ප්‍රසන්න අමරසිංහයි.

අධිකරණයට කරුණු දැක්වූ මිහින්තලය පොලිසිය කියා සිටියේ සැකකරුවන් මිහින්තලය, සියඹලාගස්වැව කරන්ඹන්කුළම ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක පුරා වස්තූන්වලට හානි කරමින් නිදන් හෑරීමට උත්සාහ කරද්දී අත්අඩංගුවට ගත් බවයි. නිදන් හෑරීමට ගෙනා බැකෝ යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ තිබෙන බවත් අධිකරණ නියෝගයකට අනුව ස්ථානය ආරක්ෂා කර තිබෙන බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.

මිහින්තලය පොලිසියේ පොලිස් පරීක්ෂක ආර්. එම්. අයි. බී. රත්නායක පොලිස් සැරයන්වරුන්වන 27984 වික්‍රමරත්න හා 34618 මහේෂ් යන මහත්වරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා