සංචාරක රියේ හැපුණු සිසුවිය මරුට

සංචාරක රියේ හැපුණු සිසුවිය මරුට

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණියේදී 09 දා සවස විදේශ සංචාරකයින් පිරිසක් රැගත් වෑන්රියක ගැටුණු 11 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියාය. අනතුරින් මිය ගොස් ඇත්තේ වේවැල්දෙණිය මහා විද්‍යාලයේ 6 වසර ඉගෙනුම ලබන එන්. පී. ලක්ෂිකා ප්‍රසාදිනී නමැති දැරියකි.

අනතුර සිදුකළ වෑන්රථය සමග එහි රියැදුරා නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. වෑන් රියේ සිටි සංචාරක පිරිස ආරක්ෂා සහිතව පිටත්කර යැවීමටද පොලිසිය විසින් විධිවිධාන සළසන ලදී. නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විලට් බණ්ඩාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා