හෙරොයින් ප්‍රවාහනය කළ තරුණයා දැලේ

හෙරොයින් ප්‍රවාහනය කළ තරුණයා දැලේ

ත්‍රිරෝද රථයකින් රුපියල් හයලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවකු මාලිගාකන්ද ඛෙත්තාරාම පන්සල අසලදී සුරාබදු මත්ද්‍රව්‍ය නාශකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව දෙමංහන්දිය ප්‍රදේශයේ පදිංචි විසිඑක් හැවිරිදි තරුණයකු යැයි සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතා පවසයි.

සැකකරුගේ පියා මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතවී සිටින අතර ඔහු බන්ධනාගාරයේ සිට පුතා හරහා මත්කුඩු ව්‍යාපාරය කරවන බවද සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති නන්දන පෙරේරා මහතා පවසයි. සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළවිට වැඩ බලන මහේස්ත්‍රාත් ලොයිට්ග්‍රේ මහතා සැකකරු මේ මස 28 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර ඇත.

සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම ස්ථානාධිපති නන්දන පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත පරීක්ෂකවරුන් වන චන්දිමාල් රත්නායක, ප්‍රදීප් සේනාරත්න කාන්තා සැරයන් මේජර් අමර ප්‍රේමා, සැරයන් කැනීසියස්, නියාමක කුලතුංග යන මහත්වරු ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා