ගින්නරුව නිවෙසක රට පිස්තෝලයක්

ගින්නරුව නිවෙසක රට පිස්තෝලයක්

ගිරාදුරුකෝට්ටේ පොලීසිය මඟින් කරන ලද වැටලීමකදී ගින්නරුව ගම්මානයේ නිවසක් තුළ වලදමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සොයා ගනු ලැබීය. පෙබරවාරි 16 දින මේ පිළිබඳව ස්ථානාධිපති පො.ප. රොෂාන් වෙදමුල්ල මහතාට තොරතුරක් ලැබුනි.

අළුතින් ඉදිකරමින් පවතින නිවසක මුලුතැන්ගෙයි අඩි 1 1/2පමණ පොලව යට මෙම ගිණි අවිය වළදමා සඟවා තිබුණි. ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත C,V,A 258 දරණ ග්ලෝග් 17 වර්ගයේ මි.මී 9 x 19 වර්ගයේ ගිණි අවියද, එම ජීව උණ්ඩ 11ක්ද, මැගසින් එකක්ද සමග 32 වියැති අයෙක්ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැරයන් නන්දසේන (20016), සැරයන් එදිරිසිංහ (49333), පො. කො. 16468 පොඩිනිලමේ, සි. ආ. බ (18817) බණ්ඩාර යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා