මිදුලේ සෙල්ලම් කරමින් සිටි දෙහැවිරිදි දරුවා වැලි ට්‍රැක්ටරයට බිලි

මිදුලේ සෙල්ලම් කරමින් සිටි දෙහැවිරිදි දරුවා වැලි ට්‍රැක්ටරයට බිලි

බිබිල අඹකැටිය ඔයෙන් වැලි ගෙන එමින් තිබූ ට්‍රැක්ටරයකට යටවීමෙන් කුඩා දරුවකු එම ස්ථානයේදීම මියගොස් තිබේ. මරණයට පත්ව ඇත්තේ බිබිල රදලියද්ද ඉඟිනියන්ගොඩ පදිංචි අවුරුදු දෙකයි මාස හතරක් වයසැති ඩී.එම්. ඒෂාන් දිසානායක නමැති දරුවායි.

ඊයේ (17) උදේ අටට පමණ නිවස ඉදිරිපිට මිදුලේ සෙල්ලම් කරමින් සිටි මේ දරුවා පාරේ ගමන් කරමින් තිබූ වැලි ට්‍රැක්ටරය දැක එය බැලීමට පාරට දිවයද්දී ට්‍රැක්ටරයේ පිටුපස රෝදයට යටවී එම ස්ථානයේදීම මියගොස් ඇති බව බිබිල පොලීසිය පවසයි.

මාරක ට්‍රැක්ටරය

මියගිය දරුවාගේ මව වන ඩී.එම්. සුමනාවතී (32) මෙසේ කියයි. මගේ දෙවන දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියා. ට්‍රැක්ටරයක් එන හඬ ඇසී එය බැලීමට පුතා පාරට දිවයද්දී ට්‍රැක්ටරයේ පසුපස රෝදයට යටවී පුතා එම ස්ථානයේදීම මියගියා.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත. අදාළ ට්‍රැක්ටර් රථය හා රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බිබිල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.පී. ගුණරත්න මහතා ගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා