දික්කසාද බිරිය මරා දැමූ විත්තිකරු පෝරකේට

දික්කසාද බිරිය මරා දැමූ විත්තිකරු පෝරකේට

2001 දෙසැම්බර් 23 දා සෙවනගල පොලිස් වසමේ හබරලුවැව ස්පීල් හන්දියේදී එවකට (29) හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ සුදුමැණිකේ නැමති කාන්තාවක් මාලුකපන මන්නයකින් කපා කොටා ඝාතනය කිරීම පිළිබඳව වරදකරුවකු වූ විත්තිකරුවකුට (17) දින ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු පී. රණසිංහ මහතා විසින් මරණ දඬුවම නියම කරන ලදී. ඝාතනයට ලක්වූ කාන්තාවගේ දික්කසාදව සිටි පුරුෂයා වූ විත්තිකරු කලුබදනගේ ගාමිණී (එවකට වයස 34) නැමති මාලු වෙළෙන්දෙකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා